01 Apr 2021 | 12:30 PM
34
අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ කාර්යාල ගොඩනැගිල්ලක් තුළ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවෙකු ද සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමෙන් සැකකරු තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට රෝහල් ගත කර තිබෙනවා. මාර්තු මාසය තුළ අමෙරිකාවේ සිදු කළ සමූහ වෙඩි තැබීම් හේතුවෙන් විශාල පිරිසක් මිය ගොස් තිබෙනවා. මේ අනුව මාර්තු 16 වනදා ඇට්ලාන්ටා නගරයේ
සිදු කළ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර කොලරාඩෝහි වෙළෙඳ සංකීර්ණයක් තුළ සිදු වු වෙඩි තැබීමකින් ද පුද්ගලයින් 10 දෙනෙකු මරණයට පත් වුණා.
TOP STORIES
ඉන්දියාවේ මහාරාෂ්ට ප්රාන්තයේ රෝහලක ප්රතිකාර ලබමින් සිටි රෝගීන් ඇතුලු 22 දෙනෙක
21 Apr 2021 | 5:15 PM
14
FEATURES