හිස මත පැළඳුනු ඔටුන්න නිමේෂයකින් ගැල වී ගිය හැටි මෙන්න

(Sulochana Darmarathna )

05 Apr 2021 | 12:15 PM 62



කිරුළක් ගලවා දෙවැනි ජයග්‍රාහිකාවට කිරුළ පැළඳ වූ තවත් අවස්ථාවක් මුහුණුපොතෙහි මේ වෙන කොට කතාබහට ලක් වෙනවා.

මෙම තරගය ඊයේ දිනයේ දී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණා.

නීතියට අනුව නම් කිරුළ හිමි විය යුත්තේ විවාහක කාන්තාවකට මිස දික්කසාඳ කාන්තාවකට නොවන බව තමයි විවාහක ලෝක රූ රැජින කැරොලයින් ජූරි වේදිකාවට පිවිස කිවුවේ.

ශ්‍රී ලංකා විවාහක රූ රැජණ අවසන් තරගය මේ විදිහට උණුසුම්කාරී තත්ත්වයකට පත්වුණා.

පුෂ්පිකා ද සිල්වාට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස කිරුළු පලදවන ලද්දේ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මෙන්ම රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින්.

කොහොමවුණත් ඇති වූ සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයත් හටගත්තේ පුෂ්පිකා ද සිල්වා දික්කසාද අයෙක් නිසා ඇයට විවාහක රූ රැජිණ කිරුළ දැරිය නොහැකි බවයි.

ඒ සමගම එම තරගයේ තීරකවරිය වන වර්තමාන විවාහක ලෝක රූ රැජින කැරොලයින් ජූරි වේදිකාවට නැග මේ අනුව ඇයට කිරුළ අහිමි වන බව සඳහන් කළා.

විනාඩි කිහිපයක් පමණක් කිරුළ හිස මත පළඳගෙන සිටි ඇයට එය ඒ විදිහට ගැලවී ගියා.

ඉන් පසු ඇය එම කිරුළ ගලවා 17 වන අංකයෙන් තරග කළ දෙවන ස්ථානය ලබා ගත් තරගකාරියට එම කිරුළ පළඳවමින් ඇය 2020 රූ රැජින ලෙස ප්‍රකාශයට පත් කළා.

ලැඡ්ඡාවට සහ ඉන් අනතුරුව ඇති වූ අපහසුතාව මධ්‍යයේ පුෂ්පිකා ද සිල්වා වේදිකාවෙන් ඉක්මනින් බැස ගියා කියලයි ආරංචි වෙන්නේ.



COMMENTS


TOP STORIES


බක්මහේ කුමරා ගැන අගමැතිගෙන් සටහනක්

නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.

ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස

11 Apr 2021 | 12:00 PM 89


ඔෂීන්ට පණ දී හෂීඩා මිය යයි

09 Apr 2021 | 11:15 AM 55


හිස මත පැළඳුනු ඔටුන්න නිමේෂයකින් ගැල වී ගිය හැටි මෙන්න

05 Apr 2021 | 12:15 PM 62


පේෂල හා පූර්ණිකා මව්පිය පදවියට

29 Mar 2021 | 4:00 PM 122


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES