සමගි ජන බලවේගය ජාත්‍යන්තරයට යන්න හදයි

(GIHAN SAMPATH )

07 Apr 2021 | 3:15 PM 39



රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය සූදානම් වනවා.

විපක්ෂනායකවරයා ද අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ධුරය අහෝසි කිරීමේ තීන්දුව සදාචාර විරෝධි ක්‍රියාවක් ලෙස සළකන බවයි.

එමෙන්ම රංජන් රාමනායක මහතා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වූ ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට
සමගි ජන බලවේගය මේ වන විටත් තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අධිකරණයට අපහා කිරීමේ චෝදනාව මත රංජන් රාමනායක මහතාට සිවු වසරක සිරදඩුවමක් නියම කෙරුණේ ජනවාරි මස 12 වනදායි. එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.

ඒ අනුව ඔහුට මාස 3 ක කාලයක් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ඉඩ ලැබුණේ නැහැ. එමෙන්ම තමන්ට ලබාදී ඇති දඩුවම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සම්බන්ධයෙන් සළකා බලන ලෙස ඉල්ලා රංජන් රාමනායක මහතා ඉදිරිපත් කළ පෙත්සම් ද අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

එම තීන්දු සහ තෙසමක කාලයක් පාර්ලිමේන්තු නොපැමිණීම යන කාරණා සළකා බැලීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ඔහුගේ මන්ත්‍රි ධුරය අහෝසි වන බවයි.

ඒ බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම්දුන් බවද කතානායකවරයා පැවසුවා.

එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ ඇතිවූයේ උණුසුම්කාරී තත්ත්වයක්. විපක්ෂයේ මන්ත්‍රිවරුන් දිගින් දිගටම කතානායකවරයාගේ තිරණයට එරෙහිව විරෝධය පළ කළා.

එමෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද රාමනායක මහතාගේ මන්ත්‍රි ධුරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මැදිහත් වූ අතර කතානායකවරයාගෙන් ඊට කිසිඳු අවස්ථාවක් හිමිවූයේ නැහැ.



COMMENTS


TOP STORIES


රුපියල් බිලියනයට සිදුවූයේ කුමක්ද? - පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයන්ට ආධාර කිරීම සහ සහන සැළසීම වෙනුවෙන් ලැබුණු රුපි

21 Apr 2021 | 5:15 PM 21


ජවිපෙන් චෝදනාවක්

21 Apr 2021 | 5:00 PM 15


ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ප්‍රභේදයක්

21 Apr 2021 | 5:00 PM 17


ඉතාලි යන්න ගිය තරුණියට වුනු දේ

21 Apr 2021 | 5:00 PM 18


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES