(Gihan Sampath )
08 Apr 2021 | 6:30 AM
36
එක් දිනකදී මෙරටින් පිළිකා රෝගීන් 80 ක් පමණ වාර්තා වන බව ජාතික පිළිකා මර්දන ඒකකය පවසනවා. ඉන් තිස් අට දෙනකු දිනක් ඇතුළතදීම මියයන බවයි එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා කියා සිටියේ. වාර්තා වන පිළිකා රෝගීන් අතරින් වැඩිම දෙනා පිරිමින් බව සඳහන්. පිරිමින් අතර මුඛ පිළිකා බහුල වන අතර වසරකට වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව තිස් දෙදහසක් පමණ වනවා. මීට අමතරව පිරිමි පාර්ශ්වයෙන් බහුලව වාර්තා වන පෙණහලු පිළිකා රෝගීන් වසරකට එක්දහස් දෙසීයක් පමණ හමුවන බවයි වාර්තා වන්නේ. එමෙන්ම, වසරකට බඩවැල් පිළිකා සහ ගලනාළ පිළිකා රෝගීන් එක්දහස් එකසියයක් හා පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගීන් දහසක් පමණ වාර්තා වනවා. කාන්තාවන් අතරින් බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගීන් වසරකට 3600ක් වාර්තා වන අතර, වසරකට ගැබ්ගෙල හා ඩිම්බ කෝෂ පිළිකා රෝගීන් දෙදහස් දෙසීයක් වාර්තා වන බවද සඳහන්. මෙම සියලුම පිළිකා අතරින් ගුද මාර්ගයේ පිළිකා ඇතිවීමට ප්‍රධානම හේතුව ක්ෂණික ආහාර වර්ග බව ජාතික පිළිකා මර්දන ඒකකය පෙන්වා දෙනවා. ක්ෂණික ආහාරවල අඩංගු සීනි හා ලුණු සෘජුව හෝ වක්‍රාකාරව පිළිකාකාරක ඇති කිරීමට දායක වන බවයි විශේෂඥ සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ.
TOP STORIES
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 578 දෙනෙකු මෙරටින් හඳුනා ගෙන තිබෙන බව වසංගත රෝග ව
22 Apr 2021 | 8:00 AM
10
FEATURES