(Gihan Sampath )
08 Apr 2021 | 6:45 AM
36
ආන්දොලනාත්මක ඉදිකිරීමක් ලෙස සැලකිය හැකි පුත්තලම අරුවක්කාරු කසල අංගනය තවදුරටත් පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් සඳහා රජය සූදානම් වනවා. දෙවන අදියරේ ඉදිකිරීම් ලෙසයි එම වැඩපිළිවෙල සම්පාදනය කර තිබෙන්නේ. එම ඉදිකිරීම් ලබන සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීම රජයේ සැලසුමයි. කොළඹ නගරය ආශ්‍රිතව එක්රැස්වෙන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ යටතේයී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. කොළඹ මහා නගර සභාව හා පළාත් පාලන ආයතන මගින් කසළ වර්ගීකරණය කර කැලණිය ප්‍රදේශයට යොමු කර, එතැන් සිට දුම්රිය පෙට්ටි 30 න් සමන්විත විශේෂ ආරක්ෂිත දුම්රිය 2ක් මගින් එම කසළ පුත්තලම අරුවක්කාරු දක්වා ප්‍රවාහනය කිරීමට නියමිතයි. අක්කර 265ක භූමි භාගයක මෙම සනීපාරක්ෂක කසළ අංගනය ඉදිකිරීමට නියමිත අතර, ඒ වෙනුවෙන් වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක්.
TOP STORIES
කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී ඇතැයි සඳ
22 Apr 2021 | 8:00 AM
16
FEATURES