අන්තවාදය උගන්වපු තවත් දෙදෙනෙක් දැලේ

(Gihan Sampath )

08 Apr 2021 | 10:30 AM 32



අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ළමුන් සඳහා මුලධර්මවාදී හා අන්තවාදී දේශන පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ඔලුවිල් ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් 30 හැවිරිදි හා 39 හැවිරිදි ඔලුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

විදේශීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම්වලට සාමාජිකයින් බඳවා ගැනීමට පවත්වන දේශනවල අඩංගු කරුණු සැකකරුවන් විසින් මෙරට සිටින ළමුන් වෙත ලබා දී ඇති බවට වාර්තා වී තිබේ.

2018 වසරේ දෙසැම්බර් මාසයේ දී එම පන්ති ඔලුවිල් ප්‍රදේශයේ දී පවත්වා ඇති අතර, එම පන්තිවලට සහභාගී වු සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත නොමැතිව විවිධ ශාරීරික අභ්‍යාස ලබාදුන් බවට ද හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.



COMMENTS


TOP STORIES


ප්‍රදේශ රැසක කොවිඩ් රෝගීන් ඉහළට

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී ඇතැයි සඳ

22 Apr 2021 | 8:00 AM 16


ඊයේ කොවිඩ් මරණ 5 ක්

22 Apr 2021 | 8:00 AM 17


මාස 2 කට පසු ආසාදිතයින් 500 පනී

22 Apr 2021 | 8:00 AM 14


පූනානි විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නැයි යෝජනා

21 Apr 2021 | 5:30 PM 18


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES