පාතාලයේ ධර්මසිරි විදේශයේ සිට මෙරට ගිණුමකට මුදල් බැර කරලා

08 Apr 2021 | 10:30 AM 40



මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රත්මලාන ප්‍රදේශයේ තරුණයෙක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු විසින් බැංකුවක පවත්වාගෙන යනු ලබන ගිණුමකට රුපියල් මිලියන 136ක මුදලක් ලැබී ඇති අතර, ඒ අනුව වැඩිදුර විමර්ශන සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී මෙරටින් පළා ගොස් සිටින අපරාධකරුවෙකු ලෙස සැලකෙන ධර්මසිරි පෙරේරා නැමැත්තා විසින් එම මුදල් අදාළ සැකකරු වෙත එවා ඇතැයි තහවුරු වී තිබෙනවා. 

මීට මාස කිහිපයකට පෙර යම් පුද්ගලයෙකුගේ ගිණුමට රුපියල් කෝටි 49ක මුදලක් ධර්මසිරි පෙරේරා නැමැත්තා විසින් එවා තිබු අතර, එම පුද්ගලයා ද මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි ද පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් තැනැත්තා රත්මලාන, ධර්මාරාම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් වන අතර සැකකරු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



COMMENTS


TOP STORIES


ප්‍රදේශ රැසක කොවිඩ් රෝගීන් ඉහළට

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී ඇතැයි සඳ

22 Apr 2021 | 8:00 AM 17


ඊයේ කොවිඩ් මරණ 5 ක්

22 Apr 2021 | 8:00 AM 18


මාස 2 කට පසු ආසාදිතයින් 500 පනී

22 Apr 2021 | 8:00 AM 15


පූනානි විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නැයි යෝජනා

21 Apr 2021 | 5:30 PM 18


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES