08 Apr 2021 | 4:45 PM
15
රුධිර කැටි ගැසීම් හේතුවෙන් මිය ගිය සිවු දෙනෙකු පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. කොරෝනා එන්නත් ලබා ගත් සිවු දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ. කෙසේ වෙතත් එන්නත ලබා ගැනීමෙන් ඇති වූ සංකූලතාවලට ලක්ව මොවුන්ගේ මරණ සිදුව ඇත්ද යන්න තහවුරු කරගැනිමට පරීක්ෂක ක්‍රියාත්මකයි. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා ගැනීමෙන් අනතුරුව මෙම පුද්ගලයි් සංකූලතාවලට ලක්ව ඇති බැවින් එම මරණවලට ද එන්නතේ යම් බලපෑමක් එල්ල වී ඇති බවට සැකයක් පවතින බවයි. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ලබන 23 වනදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ දෙවන මාත්‍රාව ලබාදීමේ එන්නත්කරණ වැඩසටහන ජූලි මස 6 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි.
TOP STORIES
කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී ඇතැයි සඳ
22 Apr 2021 | 8:00 AM
17
FEATURES