පොල් තෙල් බවුසර්වල පිළිකාකාරකය අඩංගුයි - SLS

08 Apr 2021 | 4:45 PM 13



දංකොටුව ප්‍රදේශයේ තිබී පරීක්ෂාවට ලක් කෙරුණු පොල් තෙල් බවුසර්වලද ඇෆ්ලටොක්සින් නැමති පිළිකාකාරකය අඩංගු බව තහවුරු වී තිබෙනවා. 

ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යටතේ සිදු කළ විද්‍යාත්මක පරීක්ෂා කිරීම්වලදීයි. පොල් තෙල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව අඛණ්ඩවම පරීක්ෂණ 

සිදු කරන අතර සැක සහිත සාම්පල සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවද රජය ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු දෙපාර්තමේන්තුව පැවසුවේ එවැනි සාම්පල ගණනාවක වාර්තා ලැබීමට නියමිතව ඇති බවයි. 

මේ අතර පිළිකාකාරක සහිත පොල් තෙල් පිළිබඳ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුවන බව රජය පවසනවා. වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ආනයනකරුවන් විසින් ගෙන්වූ පොල් තෙල් වෙළෙඳපොලට නිකුත් වී ඇත් ද යන්න සැකහැර දැනගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි.



COMMENTS


TOP STORIES


රුපියල් බිලියනයට සිදුවූයේ කුමක්ද? - පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයන්ට ආධාර කිරීම සහ සහන සැළසීම වෙනුවෙන් ලැබුණු රුපි

21 Apr 2021 | 5:15 PM 21


ජවිපෙන් චෝදනාවක්

21 Apr 2021 | 5:00 PM 15


ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ප්‍රභේදයක්

21 Apr 2021 | 5:00 PM 17


ඉතාලි යන්න ගිය තරුණියට වුනු දේ

21 Apr 2021 | 5:00 PM 18


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES