ඔෂීන්ට පණ දී හෂීඩා මිය යයි

(Sulochana Darmarathna )

09 Apr 2021 | 11:15 AM 68



ඔෂීන් කතාමාලව ලොකු කුඩා කාටත් අමතක නොවන කතාංගයක්.

මෙරට රූපවාහිනී තිරයේ දී ටයිටස් තොටවත්තයන්ගේ හඬදෙකැව් අදියුරුවමින් හැඩ වෙලා තමයි අපේ ගෙවල්වලට ඔෂීන් ආවේ.

මේ කියන්න යන්නේ ඒ කතාව ගැන නම් නෙමෙයි.

මේ ඔෂීන්ට ජීවිතය දුන් ඒකේ තිර පිටපත් රචිකාවිය මේ වෙන කොට ජීවිතයෙන් නික්ම ගිහින්.

ඇය නමින් සුගාකො හෂිඩා.

1925 වර්ෂයේ මැයි 10 වෙනිදා ඇය කොරියාවේ සෝල් නුවර දී මෙලොව එළිය දකින විට කොරියාව ද පැවතියේ ජපන් අධිරාජ්‍යයේ අණසක යටතේ.

ඒ හින්දා ඒ කාලයේ සෝල් නුවර හැඳින්වූයේ කෙයිජෝ කියන නමින්.

ඇය පුංචි වයසේදී අම්මත් එක්ක ජපානයේ සකායි නුවරට ඇය යනවා.

එහෙදි ඇය 1942 වසරේ දී ටෝකියෝ නුවර ජපන් කාන්තා විදුහලට ඇතුළත් වන්නේ ජපාන සාහිත්‍ය හදාරන්න.

ඒ වුණාට දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමග එහි අධ්‍යයන කටයුතුවලට බාධා ඇති වෙනවා.

පවුලේ ආර්ථික තත්ත්වය පහළට ගියත් පසුව ඇය සිය අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සැලසෙනවා.

ඊට පස්සේ වසේදා විශ්වවිද්‍යාලයේ කලා අංශයෙන් අධ්‍යාපනය ලබනවා.

විධිමත් අධ්‍යාපනයකින් පස්සේ ඇය ජපානයේ ඇති සුප්‍රසිද්ධ සිනමා නිෂ්පාදන ආයතනයක් වන ශොචිකු ආයතනයේ පිටපත් අංශයට බැඳෙනවා.

1960 වසරේදී ඒකෙන් අයින් වුණු ඇය නිදහස් පිටපත් රචිකාවියක් ලෙස කටයුතු කරමිනුත් කාන්තා පුවත්පත්වලට කෙටි කතා සම්පාදනය කරමිනුත් ආදායමක් උපයනවා.

ඇය ටෝකියෝ බ්‍රෝඩ්කාස්ටිං සිස්ටම් ආයතනයේ නිෂ්පාදකවරයකු වශයෙන් සේවය කළ හි⁣රෝශි ඉවසාකි සමඟ යුග දිවියට එළැඹියේ 1965 වසරේ දී.

1973 වසරේ දී ඇය සිය පළමු ටෙලි තිරපිටපත රචනා කරනවා.

එකේ නම අයිටො ශිඕ මිට්සුමටෙ ඈ අතින් ඔෂින් ලියැවෙන්නේ 1983 - 84 කාලය ඇතුළතයි.

මෙම කතා මාලාව ලිවීමට පසුබිම සපයන්නේ හෂිඩාට හමුවූ කර්තෘ අඥාත ලිපි කිහිපයක්.

ඒ ලිපි ලියලා තිබුනේ මෙයිජි යුගයේ සිටි කාන්තාවක විසින්.

ඇය සිය මරණ මංචකයේ සිටියදීත් ඒවා ලියලා තිබුණා.

මෙයිජි යුගය 1868 ඔක්තෝබර් 23 සිට 1912 ජූලි 30 දක්වා පැවති යුගය මෙනමින් හැඳින්වෙනවා.

ජපාන අධිරාජ්‍යයේ පළමු අර්ධය මේකයි.

මුල්ම ඔෂින් පිටපතේ වූයේ අද අපි දකින කතාවට වඩා වෙනස් කතාවක්.

ඒකේ සිටි ඔෂින් අතවැසියෙකු විදිහට කටයුතු කර අනතුරුව ⁣වෛශ්‍යාගාරයකට විකුණා දැමුණු තරුණියක්.

ඒකේ ගැබ්වෙලා තිබුණේ ලිපිවල හිමිකාරියගේ ජීවිත කතාවක්.

අප්‍රමාණ දුක් ගැහැටවලින් පීඩා විඳිමින් වුණත් අවසානයේ ජීවිතය ජයගත් ඇගේ කතාවට වර්තමාන පරපුර ගෞරව කළ යුතු බව හෂිඩාගේ අදහස වී තිබුණා.

ඒත් ඒ මුල් පිටපතේ තේමාව වඩාත් අඳුරු මෙන්ම දරුණු වීම නිසා ජපානයේ සෑම නාලිකාවක්ම එය විකාශය කිරීමට කැමැත්තක් පළ කරලා තිබුණේ නෑ.

ඊට පස්සේ තමයි අපි අද දකින පිටපතට අනුගත වන විදිහට එහි කොටස් ප්‍රතිසංස්කරණය කරලා වැඩසටහන නිෂ්පාදනය වීම සිද්ධ වෙලා තියෙන්නේ.

මේකේ මුල්ම කොටස විකාශය වන්නේ 1983 අප්‍රේල් 04 වැනිදා උදේ.

ඒ, විනාඩි 15 ක කතාංගයක් හැටියට.

මේ විදිහට කොටස් 297 කින් ඔෂින් කතා මාලාව සමන්විත වුණා.

විකාශයෙන් අනතුරුව අතිශය ජනාදරයට පාත්‍ර වූ මෙය මේ වන විට ජපානය හැර තවත් රටවල් 63 ක විකාශය වෙලා තියෙනවා.

ඔෂීන් ඒ තරමට හරි ජනප්‍රීයයි.

ජීවිතයේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් පාගාගෙනල දෙපයින් සිටගත් ඔෂින් ලෝකයට කියාදුන් පාඩම් අපමණයි.

ඔෂින් ලවා ඒවා ලෝකයට කියා දුන්නේ හෂිඩා යි.

ඒ අපූරු ගුරුතුමිය පසුගිය සිව්වැනිදා ලෝකය හැරගියා.

ඇය මියයන විට වයස අවුරුදු 95 ක්.

ඇය මෙලොව හැර ගියේත් මුල්ම ඔෂින් කතාංගය විකාෂය වෙලා වසර 38 ක් සැපිරෙන 2021 අප්‍රේල් 4 වැනිදායි.



COMMENTS


TOP STORIES


ජනපති සීයා දියණිය බලන්න USA යයිද ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ වෙන කොට සිඟිති දියණියකගේ සීයා කෙනෙකු බවට පත් වෙලා තියෙනවා.

08 May 2021 | 2:00 PM 61


රාමායණය...රාවණා මිය ගියාද ?

07 May 2021 | 10:45 AM 47


පැරදුණු පියා ගැන දියණියක් කියපු දේ

04 May 2021 | 1:30 PM 38


අපි හැමෝම අපේ උපරිමය කරමු

28 Apr 2021 | 10:30 AM 58


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES