බක්මහේ කුමරා ගැන අගමැතිගෙන් සටහනක්

(Sulochana Darmarathna )

11 Apr 2021 | 12:00 PM 105



නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.

ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී සැමරුවා.

උපන් දින සුබ පැතුම් පළ කළ අය අතරේ ඔහුගේ පියාණන්ල ඒ කියන්නේ අපේ රට් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කරලා තිබුණා.

සමාජ මාධ්‍යයෙන් ඔහු තමන්ගේ ජීවිතය එළිය කළ පළමු පුතා ගැන මෙන්න මේ විදිහට ආදරණීය විදිහට සටහනක් එක්කරමින් මුදාහැරලා තිබුණා.

එම සටහනයි මේ....

''දයාබර නාමල් පුතේ,''

''අපේ කැදැල්ලට කුළුඳුලේ දරු සුරතල් රැගෙන බක් මහේ අවුරුදු කුමාරයා මෙන් නුඹ පැමිණි දවස මට අද වාගේ මතකයි.''

 
''කාලය තුරඟ පිට නැඟී ගෙවී ගිය ද අපේ ලෝකය සුන්දර කළ පුංචි නුඹේ සොඳුරු දඟකාරකම්ල ආදර කියුම් කෙරුම් අදටත් සැනසිල්ලකි.''

''ඒ පුංචි නුඹ අද ලොකු මිනිසෙකු වී රට ගොඩනඟන සටනට උර දී සිටිනු දකින්නට ලැබීම මටත් අම්මාටත් මහා සතුටකි.''

''ඒ සතුට මේ රටට ආදරය කරන සෑම හදවතකටම උරුම කරදෙන්නට ශක්තියල ධෛර්යයල වාසනාව ලැබෙන වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා.''

''තෙරුවන් සරණයි''

''තාත්තා.''


ඒ වගේම තමයි සිය පියාණන් තැබුව ඒ ෆේස්බුක් සටහන වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා ද ඔහුගේ පියාණන්ට සටහනක් තබන්න අමතක කරලා තිබුණේ නෑ.

ඔහු තැබුව ඒ සටහනයි මේ...

''වයසින් දිනෙන් දින මුහුකුරා ගියත් හැමදාමත් ඔබ වැනි රටම ආදරය කරන ආදරණීය පියෙකුගේ සෙවණේ වැඩිමහල් පුතා විදිහට හැඳි වැඩෙන්න මා ලද වාසනාව වචනයෙන් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.''

''හැමදාමත් ජිවිතයේ විවිධ තලයන් හීදි ඔබෙන් ලැබෙන ආශිර්වාද, අවවාද, ආදරය, ඉගැන්වීම් මගේ ජිවිතය ශක්තිමත් කරමින් රටට වැඩදායි, රට වෙනුවෙන්  දිවා රෑ නොබලා වැඩ කරන්න ශක්තියක් වූ බව අතිශයෝක්තියක් නම් නෙවෙයි. මේ ඔබේ ආදරණීය සුබ පැතුම මගේ ජිවීතයට සුවිසල් ආශීර්වාදයකි.''

 



COMMENTS


TOP STORIES


ජනපති සීයා දියණිය බලන්න USA යයිද ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ වෙන කොට සිඟිති දියණියකගේ සීයා කෙනෙකු බවට පත් වෙලා තියෙනවා.

08 May 2021 | 2:00 PM 60


රාමායණය...රාවණා මිය ගියාද ?

07 May 2021 | 10:45 AM 47


පැරදුණු පියා ගැන දියණියක් කියපු දේ

04 May 2021 | 1:30 PM 38


අපි හැමෝම අපේ උපරිමය කරමු

28 Apr 2021 | 10:30 AM 58


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES