වරාය නගර පනතට එරෙහි පෙත්සම සළකා බැලීම ඇරඹෙයි

19 Apr 2021 | 12:45 PM 51



කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් 19 ය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලීම ආරම්භ වී තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම් සළකා බැලෙන බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි.

පෙත්සම් විභාගය ආරම්භ කිරීමට ප්‍රථම විවෘත අධිකරණයේ කරුණු දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් නීතීඥවරුන් රැසක් පෙනී සිටින බැවින් සෑම නීතීඥවරයෙකුම වාචික දේශන විනාඩි 20 ත් 30 ත් අතර කාලයකට සීමා කරගන්නා ලෙස ඉල්ලා තිබෙනවා. ඉන් අනතුරුවයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ
කේ. කනගීෂ්වරන් මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇත්තේ.

මේ අතර අදාළ පෙත්සම්වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි, නීතීඥ සාගර කාරියවසම් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සංගමය ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම්ද ඉදිරිපත් කර තිබෙනවා.



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES