පාස්කු වාර්තාවේ අනුකමිටු නිර්දේශ අද සිට ක්‍රියාත්මක කරයි

20 Apr 2021 | 6:30 AM 18



පාස්කු කොමිසන් සභා වාර්තාව අධ්‍යයනය කළ අමාත්‍යාංශ අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ කරන බව එම කමිටුවේ ලේකම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණදීර මහතා පවසනවා . ඒ ඒ අමාත්‍යාංශ සහ ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු නිර්දේශ 78 ක් අදාළ වාර්තාවේ සඳහන්.  එම නිර්දේශ ඒ ආයතන වලට යොමුකිරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භවී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළා .

අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් වන ආයතන සංඛ්‍යාව පනහකට ආසන්නයි.ඊට ආරක්ෂක, අධිකරණ, හා අධ්‍යාපන අමාත්‍යාංශ ද ඇතුළත් වන බව එම කමිටුව සදහන්  කළා .
අමාත්‍ය අනුකමිටුව වාර්තාවේ නිර්දේශ භාරදීමෙන් පසුව ඒවා ක්‍රියාත්මක කෙරෙන ආකාරය ගැන පසු විපරම් කිරීමට ද කමිටුව බලාපොරොත්තු වන   බවයි ගුප්ත රෝහණදීර මහතා  පැවැසුවේ.

පාස්කු කොමිසන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අමාත්‍ය අනුකමිටුව පත් කරනු ලැබුවා.අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම අමාත්‍ය අනුකමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, රෝහිත අබේගුණවර්ධන සහ  ප්‍රසන්න රණතුංග යන මහත්වරු ක්‍රියා කරනු   ලබනවා .

 



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES