ඇගලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව යළිත් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යෑමේ අවදානමක්

20 Apr 2021 | 6:45 AM 17



කුරුණෑගල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැඛෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරිම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මේ අතර කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් සහ කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගෙන තිඛෙනවා. කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් නව කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු හමුවීමත් සමග මේ දක්වා එහි පිහිටි කර්මාන්තශාලා 55 ක සේවය කරන 1,215 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ.එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළ තවදුරටත්  කොරෝනා ආසාදිතයන් සොයා අද පී.සී.ආර්.පරීක්ෂණ 2,050 ක් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES