ආසාදිතයන් 309ක් - මරණ 02ක්

20 Apr 2021 | 6:45 AM 15



ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 309 දෙනෙකු හඳුනාගෙන තිඛෙනවා. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 97,105ක් දක්වා ඉහළ යනු ඇති. එමෙන්ම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී රෝහලගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 261 දෙනෙකු ඊයේ දිනයේදී පිටව යාමත් සමග මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 93, 374ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 620ක්.
මෙලෙස මියගොස් ඇත්තේ මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවක් සහ මාරස්සන ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES