කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට අද විශේෂ රථවාහන සැලැස්මක්

20 Apr 2021 | 6:45 AM 19



කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. මේ අනුව අද පස්වරු 04 සිට හෙට දහවල් 12 දක්වා ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර හෙට දිනයේ දිවයිනේ සියලු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවා. පාස්කු ප්‍රහාරය සිදුවී හෙට දිනයට වසර දෙකක් සැපිරීම නිමිත්තෙන් දිවයිනේ සෑම දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයන් පැවැත්වීමට කටයුතු යොදා තිබීම මීට හේතුවයි.
මේ අනුව අදාළ දිව්‍ය පුජවන්ට සහභාගි වන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම විධි විධාන සලසන ලෙස සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
මේ අතර පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සිය ඥාතීන් සිහිකර සැමරුම් අවස්ථා රැසක් සංවිධාන කර ඇති බැවින් එම අවස්ථාවට එක් වීම සඳහා කතෝලික සභාව මගින් පාලනය වන සියලු කතෝලික පාසල්වලට හෙට දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බවයි අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පැවසුවේ.



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES