අද සිට දින 04ක් පාර්ලිමේන්තුව රැස්වේ

20 Apr 2021 | 7:00 AM 36



පාර්ලිමේන්තු රැස්වීම් අද සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට තීරණය කර තිඛෙනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දීයි.
මේ අතර ලබන අප්‍රේල් 22 සහ 23 යන දිනවලදී, 2015 ජනවාරි 8 වැනිදා ආරම්භ වී 2019 නොවැම්බර් 16 වැනිදා අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථා සේවකයන්, සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුව ඇතැයි කියනු ලබන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරික්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිතව තිඛෙනවා. එමෙන්ම අදාළ දින දෙකේදී ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කිරීමකින් තොරව පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ. 
කෙසේ වෙතත් විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි 05ක්ද සුරා බදු ආඥා පනත යටතේ නියෝග 02ක් සහ ආනයන සහ අපනයන පනත යටතේ රෙගුලාසි කිහිපයක් අද විවාදයට ගැනීමට නියමිතයි. අද පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කෙරෙනු ඇති.
මීට අමතරව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කෝට්ටේ නගර සීමා බල ප්‍රදේශය පිළිබඳව ගෙන එනු ලබන සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදය සඳහා පස්වරු 4.50 සිට පස්වරු 5.30 දක්වා කාලය වෙන්කර ඇති බව මහ ලේකම්වරයා සඳහන් කළා.

මේ අතර ක්‍රීඩකයන් සඳහා මෙම වසරේ භාවිතය ස`දහා තහනම් කර ඇති උත්තේජක  ලැයිස්තුව හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. විවිධ ක්‍රීඩාවන් සඳහා මේ වසරේ තහනම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුව හඳුන්වා දෙනු ලැබ ඇත්තේ ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් බවයි  අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති එම අමාත්‍යාංශය උපදේශක කාරක සභා රැස්වීමේදී නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවා.
උත්තේජන මර්දන නියෝජ්‍යායතනය නම් කර ඇති මෙම තහනම් උත්තේජක ද්‍රව්‍ය ක්‍රීඩකයන් නොදැනුවත්ව හෝ සිය කුසලතා වර්ධනය සඳහා භාවිතා කළහොත් තරග ඉසව් තහනමට ලක් වීමට හෝ වෙනයම් ක්‍රියාමාර්ගවලට ලක්වීමට සිදුවන බවයි ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ  කළේ.



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES