වරාය නගර පනත් කෙටුම්පත පිලිබඳ පෙත්සම් වැඩිදුර සලකා බැලීම අද

20 Apr 2021 | 7:00 AM 32



කොළඹ වරාය නගරය විශේෂ ආර්ථීක කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද පෙත්සම් අදත් සළකා බැලීමට නියමිතව තිඛෙනවා. ඊයේ දිනයේදී මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ එම පෙත්සම් පිලිබඳ වැඩිදුර විභාගය අද පෙරවරු 10 දක්වා කල් දැමීමටයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලෙනවා. කොළඹ වරාය නගරය විශේෂ ආර්ථීක කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශව 19 ක් පෙත්සම ගොනු කර තිබුණා. එමෙන්ම අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට එරෙහිව කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුලූ පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතැමැදි පෙත්සම් ගොනු කර තිඛෙනවා.

 



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES