උරුම නොවුණු මව් පදවිය ගැන නිරෝෂා කියයි

20 Apr 2021 | 11:00 AM 66



බන්දුල නානායක්කාරවසම් මහත්තයා ලිවුව ගීතයක් ගැන තමයි අද කියන්න යන්නේ.

තමන්ගේ දෙවැනි දරුවා ලැබෙන්න රෝහල් ගතවෙලා සිය බිරිඳ ඉන්න කොට තමයි මේ ගීතය ලියැවෙන්නේ.

හැබැයි... මේ ගීතය ලියලා දෙන්න කියලා කියන්නේ ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනියන්.

මේ ගීතය ලියලා දෙන්න කියලා බන්දුල නානායක්කාරවසම් මහත්තයාට කියන කාලේ ඇය තරුණියක්.

විවාහ වෙලා ඉඳලා නැහැ.

හැබැයි... තමන් දවසක විවාහ වෙලා, මේ විදිහට දරුවෙක් ලැබෙන්න ඉන්න කොට තමන්ගේ හිතේ හට ගන්න සහ ඇයගේ කුස තුළ සිදුවන දේ ලියලා දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ.

තමන්ගේ ආදරණීය බිරිඳ දෙවැනි දරු ප්‍රසූතියට සූදානම් වෙලා ඉන්න වෙලා ඇය ගැන ආදරයෙන් මතක් කරගන්නා ගමන් තමයි මේ ගීතය මේ විදිහට අන්තිමට ලියවෙලා තියෙන්නේ.

නිරෝෂා විරාජිනියන් ඒ කාලේ හිතලා තිබුණලු තමන් දවසක විවාහ වෙලා තමන්ගේ දරුවා ලැබෙන්න ඉන්න කාලෙක මේ ගීතය ගායනා කරන ගමන්ම රූප රචනාවකට එක්වෙනවා කියලා.

කොහොමවුණත්, තමන්ට මවක් වෙන්න උරුම නොවුණත්, ලෝකයේ ඉන්න සෑම මවක් වෙනුවෙන්ම මේ ගීතය ගායනා කරනවා කියලා ඇය බොහොම ආදරයෙන් සඳහන් කළා.

අන්න ඒ විදිහට ලියවුණු ගීතයක් තමයි ඔබ, අපි හැමෝටම මේ වෙන කොට අහන්න, දකින්න ලැබෙන්නේ.

සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන
පැදකුණු නොකළත් සිරි යහනේ
පෙරුම් පුරා මා... කුසට පැමිණි බිළිදු...
මට රජ පැටියෙක්....

හංකිති කවමින් කුස තුළ සක්මන් කරනා
නුඹ දගයෙකු වේදැයි නිකමට මෙන් මට හිතෙනා
පැටියෝ... නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
නුඹේ හිස පළදින්නේ වෙනසක් නැති එක ආදරයයි ආදරයයි...

කුස තුළ දැරුවයි මතු බුදු වන පැතුමන් නෑ
ලෙය කිරි කර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ
පැටියෝ නුඹ දුවක් වුනත් මට පුතෙකු වුණත්
මා නුඹට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි.... ජීවිතයයි...

 
 



COMMENTS


TOP STORIES


ජනපති සීයා දියණිය බලන්න USA යයිද ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ වෙන කොට සිඟිති දියණියකගේ සීයා කෙනෙකු බවට පත් වෙලා තියෙනවා.

08 May 2021 | 2:00 PM 61


රාමායණය...රාවණා මිය ගියාද ?

07 May 2021 | 10:45 AM 47


පැරදුණු පියා ගැන දියණියක් කියපු දේ

04 May 2021 | 1:30 PM 38


අපි හැමෝම අපේ උපරිමය කරමු

28 Apr 2021 | 10:30 AM 58


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES