ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ප්‍රභේදයක්

21 Apr 2021 | 5:00 PM 34



ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.
එම කාර්යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ පසුගිය දින කිහිපය තුළ සිදුකළ පරීක්ෂණවලදී මෙම ප්‍රභේදය පිළිබඳ තොරතුරු අනාවරණ වූ බවයි. මෙම ප්‍රභේදයේ ස්වරූපය සහ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලය සඳහන් කළා.

මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වී ඇත්තේ නව ප්‍රභේදය සීඝ්‍ර වර්ධනයක් සහ ක්‍රියාකාරීත්වයක් සහිත ප්‍රභේදයක් ද යන්න හඳුනා ගැනීම සම්බන්ධවයි.
මේ අතර ඉන්දියාවෙන් ද ත්‍රිත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් හදුනා ගෙන ඇති බව එරට සෞඛ්‍ය වාර්තා සඳහන් කළා. ද්විත්ව කොරෝනා ප්‍රභේදයක් පැතිර යමින් පවතින අවස්ථාවකයි ඉන්දියාවෙන් ත්‍රිත්ව ප්‍රභේදයක් පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ. එමෙන්ම එරට විද්‍යාඥයින් පෙන්වාදී ඇත්තේ ඉන්දියාව තුළ පවතින සීඝ්‍ර කොරෝනා ව්‍යාප්තියට ද මෙම ත්‍රිත්ව ප්‍රභේදය ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.
මහාරාෂ්ට, දිල්ලි සහ බෙංගාලය යන ප්‍රදේශවල මෙම ත්‍රිත්ව ප්‍රභේදය  සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවද එම වාර්තාවල දැක්වුණා.



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES