රුපියල් බිලියනයට සිදුවූයේ කුමක්ද? - පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

21 Apr 2021 | 5:15 PM 44



අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයන්ට ආධාර කිරීම සහ සහන සැළසීම වෙනුවෙන් ලැබුණු රුපියල් බිලියනය ඉක්මවන මුදලට කුමක් සිදුවේදැයි අනාවරණ කරගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති හිමියන් ලෙසයි උන්වහන්සේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ. විදෙස් රටවලින් සහ විවිධ සංවිධානවලින් රුපියල් බිලියනයකට අධික ආධාර හිමිවුවද එමඟින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට කිසිඳු සහනයක් සැළසී නොමැති බව ද උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්.
මේ අතර අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහි කිරීම වෙනුවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී පැවති සැමරුම් උත්සවයට එක්වෙමින් ද පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විශේෂ ප්‍රකාශයක්
සිදු කළා. උන්වහන්සේ පෙන්වා දුන්නේ අන්තවාදීන්ගේ අනතුර තවමත් පහව ගොස් නොමැති බවයි.



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES