ජනතාව කණස්සල්ලෙන් - ජනපති කියයි

21 Apr 2021 | 5:30 PM 48



රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාව සහ දූෂණය මෙන්ම සේවා ලබාගැනීමට දිගු කාලයක් ගත වීම යන කාරණා සම්බන්ධයෙන් ජනතාව කණස්සල්ලට පත්ව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එම තත්ත්වයන් අවම කරමින් කාර්යක්ෂම ජනතා සේවාවක් වෙනුවෙන්
රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කැපවීම ඉතා වැදගත් වන බවයි ජනාධිපතිවරයා
පෙන්වා දෙන්නේ.
රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.
ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් සේවාවන් නිසි ලෙස ඉටු නොකිරීම පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි ද රජයේ අප්ක්ෂිත ඉලක්ක වෙත ළගාවී නොමැති ආයතන සම්බන්ධයෙන් වාර්තාවත් කැදවීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
රැකියා නිෂ්පාදනය රජයේ ප්‍රතිපත්තිය වන බව ද පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මඟින් ගම තුළ රැකියා අවස්ථා උත්පාදනය කිරීමට ද පියවර ගත යුතු බවයි. 

 
 



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES