ස්පුට්නික් වී අත්‍යාවශ්‍ය සේවකයින්ට පළමුව ලබාදේ

04 May 2021 | 11:45 AM 35



රුසියාවෙන් ගෙන්වනු ලැබූ ස්පුට්නික් වී එන්නත විදුලිබල සේවකයින් ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවල යෙදී සිටින සේවකයින්ට ප්‍රමුඛතාවය මත ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කළ ඉල්ලීම සැළකිල්ලට ගෙන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
විදුලි බලාගාර කිහිපයක සේවකයින් පසුගිය කාලය පුරා කොරෝනා වෛරසයට ගොදුරු වූ බව විදුලිබල අමාත්‍යවරයා ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති අතර එවැනි තත්ත්වයක් ඉදිරියේ දී ඇති වුවහොත් එය විදුලිබල සැපයුමට ගැටළුවක් විය හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

මේ අනුව ස්පුට්නික් වී එන්නත ලබාදීමේ දී විදුලිබල සේවකයින්ට ප්‍රමුඛතාවයක් ලබාදෙන ලෙසයි ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 15,000 ක තොගය අද අළුයම දිවයිනට පැමිණියා. මේ අනුව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දී අදාළ එන්නත් තොගය භාර ගැනීමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කර තිබෙනවා.  

 
 



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES