ජාතික අක්ෂි රෝහලට පැමිණෙන රෝගීන්ට නිවේදනයක්

04 May 2021 | 3:15 PM 28



ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සඳහා පැමිණෙන රෝගීන් හට ප්‍රතිකාර හා සේවාවන් ලබා ගැනීම සඳහා විශේෂිත දුරකතන අංක කිහිපයක් හදුන්වාදී තිබෙනවා. කොවිඩ් 19 වෛරස ප්‍රභේදය ඉතා අවදානම්කාරී ලෙස පැතිර යන බැවින් වෛරස ව්‍යාප්තිය පාලනය කරගැනීමේ අරමුණින් මෙම පියවරට එළඹි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. මේ අනුව අදාළ සායන දිනයන්හිදී පමණක් අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගෙන පැමිණීම අනිවාර්ය වනවා.


මෙහිදී සඳුදා හා බදාදා දිනයන් හි රෙටිනල් සායන සඳහා පැමිණෙන රෝගීන් 0117 89 83 44 යන දුරකතන අංකයට ඇමතිය යුතු අතර, අඟහරුවාදා හා සිකුරාදා යන දිනවල රෙටිනල් සායන සඳහා පැමිණෙන රෝගීන් 0117 68 26 50 යන දුරකතන අංකය අමතා දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල රෙටිනල් සායන සඳහා පැමිණෙන රෝගීන් 0117 68 20 94 යන දුරකතන අංකය ඇමතිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කළේ.  



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES