ඕනෑම මොහොතක රට වසා දමනවා

04 May 2021 | 3:30 PM 46



පවතින කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය අනුව ඕනෑම මොහොතක රට වසා දැමීමේ තීරණයට එළඹීමට සිදුවිය හැකි බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ ඒ අවස්ථාවන්වල හමුවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සළකා බලා ප්‍රදේශවලට සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් තීන්දු තීරණවලට එළඹෙන බවයි.
කෙසේ වෙතත් පවතින තත්ත්වයන්ට අනුව සම්පූර්ණයෙන් රට වසා දැමීමේ අවශ්‍යතාවක් මේ වන විටත් මතුව නොමැති බව රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.



මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන්ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙම මාධ්‍ය හමුවේ දී අදහස් පළ කළා.


මෙහිදී වැඩිද්රටත් අදහස් දැක් වූ රමේෂ් පතිරණ අමාත්‍යවරයා කියා සිටියේ රට තුළ පවතින කොරෝනා තත්ත්වය කළමනාකරණයට
රජය නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතින බවයි.

 
 



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES