කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

04 May 2021 | 4:30 PM 47



දිවයිනේ පළාත් කිහිපයකට ඇති විය හැකි ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව අද සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත්, බදුල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එමෙන්ම අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවරයන් අනුගමනය කිරීමට ජනතාව වග බලා ගත යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
 මේ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැදී සිටිය යුතු බව කාලගුණ නිවේදනයේ සඳහන්.
එමෙන්ම කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැදී සිටීමෙන් වළකින ලෙස ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. විශේසෂයෙන් රැහැන් සහිත දුරකතන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතු බවද කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 

 
 



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES