විශ්‍රාම වැටුප් ගෙවීම අදත්

(Gihan Sampath )

11 Jun 2021 | 7:45 AM 25



විශ්‍රාම වැටුප් ලබා ගන්නා පුද්ගලයින් සඳහා එම ගෙවීම් කටයුතු සිදු කිරීම අදත් ක්‍රියාත්මක වනවා.

මේ අනුව විශ්‍රාමිකයින්ට සිය විශ්‍රාමික හැදුනුම්පත හෝ ජාතික හැදුනුම්පත හෝ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් දුරකතනයට එවා ඇති කෙටි පණිවුඩය පෙන්වා තැපැල් කාර්යාල හෝ අදාළ බැංකු ශාඛාව වෙත යාමට අවස්ථාව ලබාදී ඇති බවයි රජය පැවසුවේ.

එමෙන්ම විශ්‍රාම වැටුප් ලනගනිමට ප්‍රවාහන අවශ්‍යතා ඇති පුද්ගලයින්ට රජය මගින් නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ඊට අදාළ ප්‍රවාහන පහසුකම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්ව සංවිධාන කර තිබෙනවා.

රජයේ හා පෞද්ගලික බැංකු මෙන්ම තැපැල් කාර්යාල මගින් අදාළ ගෙවීම් කටයුතු සිදුකරන අතර මේ අනුව සියලූම රජයේ හා පෞද්ගලික බැංකු අද විවෘතව තැබෙන අතරතැපැල් කාර්යාල අද සහ හෙට දිනවලදී විවෘතව තැබෙනු ඇති.

 



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 13


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 16


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 13


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES