ශ්‍රී ලංකාවට තවත් අවදානමක්

(Gihan Sampath )

11 Jun 2021 | 7:45 AM 52



ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරයාම ඉහළ යාම තුළ නව වෛරස ප්‍රභේද බිහිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ සංචාරකයින් මෙරටට පැමිණීමේදී නිසි ක්‍රමවේදයක් අනුව ගෙන්වා ගන්නේනම් නව වෛරස ප්‍රභේද මෙරටට ඇතුළුවීම අවම වන බවයි.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් විවිධ ක්‍රම හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වන පුද්ගලයින් හරහා ඉන්දීය කොවිඩ් ප්‍රභේදය මෙරටට ඇතුළුවීමේ වැඩි හැකියාවක් පවතින බව ද වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දුන්නා.

එමෙන්ම සංචරණ සීමා පැනවීම හමුවේ ආසාදිතයන් වාර්තාවීම යාම්තාක් දුරකට අඩුවී ඇති බව ද ඔහු පැවසුවා.

 



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 13


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 16


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 13


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES