සෞඛ්‍ය වෘත්තීය සමිති අද වැඩ වර්ජනයක

(Gihan Sampath )

11 Jun 2021 | 7:45 AM 28



සැළසුම් කළ පරිදි අද පෙරවරුවේ සිට වෘත්තිය සමිති විරෝධතා ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

සාකච්ඡාවලින් අපේක්ෂිත ප්‍රතිපල නොලැබීම හේතුවෙන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය වෙත අවතීර්ණ වන බවයි එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරිය සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුව ද ඉන් සෞඛ්‍ය කාර්යය සහායකයින් ස්ථිර කිරීමේ ඉල්ලීම හැරුණු කොට තම සංගමය ඉල්ලු ප්‍රධාන ඉල්ලීම් කිසිවෙකටත් පිළිගත හැකි විසඳුම් නොලැබුණු බව ද සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පැවතිය ද කොරෝනා ආසාදිතයින් සඳහා වූ හදිසි හා අත්‍යාවශ්‍ය සේවාවන් ආවරණය කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.  



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 13


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 16


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 13


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES