තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන්න

(Gihan Sampath )

11 Jun 2021 | 7:45 AM 19



සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර ඇති බවත් මේ අනුව ශ්‍රී ලංකාවද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තෙවන මාත්‍රාව ලබාදීම සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී ඇති බව සඳහන්.

ලොව පුරා සියලූ රටවලින් එන්නත් සඳහා විශාල ඉල්ලූමක් පවතිනවා.

එම තරගකාරී තත්ත්වය තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටවල් රැසක නායකයන් සමග සාකච්ඡා කර සහාය ඉල්ලා සිටි බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ අනුව ඉතා අසීරුවෙන් ලබාගත් එන්නත් විනිවිදභාවයකින් හා විධිමත්වලබා දීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර තිබෙනවා.

 



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 13


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 17


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 13


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES