ඇස්ට්‍රාසෙනෙකා ගෙන්වගන්න ලංකාවෙන් තවත් උත්සාහයක්

(Gihan Sampath )

11 Jun 2021 | 7:45 AM 30



ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඕස්ටේ්‍රලියාවෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා. මේ අනුව ඒ පිළිබඳව ධනාත්මකව සළකා බලන බවයි එරට විදේශ අමාත්‍ය මරිස් පේන් මහත්මිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහතිකවී ඇත්තේ. දෙපාර්ශවය අතර පැවති දුරකථන සංවාදයකදී මෙම අදහස් පළවී තිබෙනවා.
එමෙන්ම කොවිඩ්19 වසංගතය හේතුවෙන් ඇති වූ අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඔස්ටේ්‍රලියාව ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී කෘතඥතාව පළ කල බව විදේශ අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන්. ලබන වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව සහ ඔස්ටේ‍රලියාව අතර ද්විපාර්ශ්වික සබඳතා පිහිටුවා ගැනීම පිළිබඳ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍යවරුන් එකග වී තිබෙනවා.

 



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 13


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 17


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 14


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES