නීති කැඩූ 1038 ක් දැලේ

(Imeshi De Silva )

11 Jun 2021 | 10:00 AM 24



නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1038 දෙනෙකු  ගත වූ පැය 24 ක කාලය තුළ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 29,015 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා  පැවසුවේ. මේ අනුව ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් කුලියාපිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සංඛ්‍යාව 133 ක්.
මේ අතර අතුරිගිරිය හබරකඩ ප්‍රදේශයේ දී ඊයේ දිනයේ දී සිදු කළ විශේෂ ඩ්‍රොන මෙහෙයුමකදී සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා. මේ අනුව අදත් එළඹෙන සති අන්තයේදීත් නිරෝධායන නීති සහ සංචරණ සීමා සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ. 



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 14


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 18


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 14


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES