ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000 ක් දිවයිනට

(Imeshi De Silva )

11 Jun 2021 | 10:45 AM 28



රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් එන්නත් මාත්‍රා 65,000 ක් ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවට භාර දී තිබෙනවා.

අද අලුයම එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොල වෙත රැගෙන පැමිණ තිබූ මෙම එන්නත් තොගය තුළ ස්පුට්නික් ෆයිව් එන්නතේ පළමු මාත්‍රාවෙන් එන්නත් 50,000 ක් ද, දෙවන මාත්‍රාවෙන් එන්නත් 15,000 ක් ද අන්තර්ගත වී තිබූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

මේ අතර මෙරට තවත් පුද්ගලයින් 93 දහස් 408 දෙනෙකුට ඊයේ දිනයේදී කොවිඩ එන්නත ලබා දී තිබෙනවා.

මේ අනුව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 342 දෙනෙකුට, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 67 දහස් 615 දෙනෙකුට  සහ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව 25 දහස් 451 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.  



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 13


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 16


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 13


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES