ගම්පහෙන් ආසාදිතයින් 575 ක්

(Imeshi De Silva )

11 Jun 2021 | 12:00 PM 28



මෙරටින් ඊයේ දිනයේ දී හදුනාගත් කොරෝනා ආසාදිතයින් 2378 දෙනා අතුරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබෙනවා.
මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 575 දෙනෙකු තහවුරු කරගැනුණු බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් අතුරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 171 දෙනෙකු හදුනා ගැනුණේ නිට්ටඹුව ප්‍රදේශයෙන් වනවා.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 339 ක් ඊයේ දිනයේ දී හදුනා ගැනුණා. මීට අමතරව නුවරඑළිය, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබුණා. මීට අමතරව විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් 23 දෙනෙකු ද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත්.
මේ අතර ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් මරණ වාර්තා නොවූ අතර
මේ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව පවතින්නේ 1910 ක් ලෙසයි.



COMMENTS


TOP STORIES


ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන්

13 Jun 2021 | 6:30 PM 11


ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

13 Jun 2021 | 6:30 PM 14


ගෑස් මිල තීරණය හෙට

13 Jun 2021 | 6:30 PM 18


තවත් ආසාදිතයන් 1,886ක්

13 Jun 2021 | 6:30 PM 14


COVID -19 UPDATE

213,396

10 JUN 2021 - 10.00 AM


FEATURES