ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

(Imeshi De Silva )

13 Jun 2021 | 6:30 PM 60



ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා සහ අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලද කරුණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මෙම මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙලක එක් ප්‍රධාන සාධකයක් පමණක් බවයි.

මේ අනුව ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩව ඉහළ යාම මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතුවක් බව ද අදාළ නිවේදනයේ සඳහන්.

මේ අතර පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 60ක පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතු බවත්, මේ අනුව ප්‍රවාහනය සඳහා ඉලෙක්ට්‍රික්  රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතු බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

මේ අනුව ඉන්ධන මිල වැඩි කිරීමට අමතරව, ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට ද රජය විසින් මේ වනවිට යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇති බව අදාළ නිවේදනයේ දැක්වුණා.



COMMENTS


TOP STORIES


ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්වයි

වර්තමානයේ දී පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කර ඇතැයි

02 Aug 2021 | 12:30 PM 15


සහතික මිල නිසා වී ගොවියා අසරණ භාවයට

02 Aug 2021 | 12:15 PM 12


සියලු එන්නත් මාත්‍රා ලබාගත් පුද්ගලයින් ගණන කෝටිය පනී

02 Aug 2021 | 12:15 PM 12


රාජ්‍ය සේවකයින් බාධාවකින් තොරව සේවය

02 Aug 2021 | 12:15 PM 15


COVID -19 UPDATE

304,202

30 JULY 2021 - 10.00AM


FEATURES