ජී එස් පී සහනය රැකගන්නැයි රනිල් ඉල්ලයි

(Imeshi De Silva )

13 Jun 2021 | 6:30 PM 39



යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. 2017 වසරේදී යුරෝපා සංගමයෙන් ලබාගත් ජී.එස්.පී. ප්ලස් බදු සහනය මගින් මෙරට ආර්ථිකය වර්ධනය කිරීමට සිය ආණ්ඩුව සමයේ කටයුතු කළ බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්ව දෙන්නේ.

කෙසේ වෙතත් කොවිඩ් වසංගතය , එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න ආදී කාරණා හේතුවෙන් මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත්, එවැනි අවස්ථාවක ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් අහිමි වුවහොත් රුපියලේ වටිනාකම අවප්‍රමාණය වී ඩොලරයක මිල රුපියල් 300 ක පමණ විය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන කාරණයයි.

මේ අනුව මතුව ඇති අවදානම හමුවේ තවදුරටත් දේශපාලනය නොකර ජී.එස්.පී. ප්ලස් සහනය ආරක්ෂා කරන්න වහාම රජය කටයුතු කළ යුතු බවයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.



COMMENTS


TOP STORIES


රවීට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගයට දින වෙන් වෙයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂ

02 Aug 2021 | 3:00 PM 10


කොවිඩ් මරණ සමස්තය මෙන්න

02 Aug 2021 | 12:30 PM 13


රට විවෘත කිරීම අනතුරුදායකයි

02 Aug 2021 | 12:30 PM 14


ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්වයි

02 Aug 2021 | 12:30 PM 15


COVID -19 UPDATE

304,202

30 JULY 2021 - 10.00AM


FEATURES