ඉන්ධන මිල වැඩි කල ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ තීරණයකට අනුවයි

(Imeshi De Silva )

13 Jun 2021 | 6:30 PM 39



ඉන්ධන මිළ වැඩි කරනු ලැබුවේ ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා ඇතුලු සමස්ත ආණ්ඩුවම ගත් තීරණයක් අනුව බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ලිඛිත අවසරයක්ද ලැබී තිබූ බවයි බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියාසිටියේ. ඉන්ධන මිළ වැඩි කිරීමේ වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා කර තිබූ ප්‍රකාශයට පිළිතුරු දීම සඳහායි මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. එමෙන්ම ඉන්ධන මිළ ඉහළ දැමීම සඳහා ජීවන වියදම් කමිටුව ද අනුමැතිය ලබාදී තිබූ බවයි උදය ගම්මන්පිළ මහතා සඳහන් කලේ.

මෙම කරුණ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයිද අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාට අභියෝගයක්ද එල්ල කලා.



COMMENTS


TOP STORIES


හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශීය රෝහල ආසන්නයේදී විශාල ගසක් කඩා ව

02 Aug 2021 | 3:00 PM 13


රෝහල් කණිෂ්ඨ කාර්යය මණ්ඩලයත් හෙට සහ අනිද්දා ලෙඩ වන ලකුණු

02 Aug 2021 | 3:00 PM 11


පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් 18 කට කොරෝනා

02 Aug 2021 | 3:00 PM 10


රවීට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගයට දින වෙන් වෙයි

02 Aug 2021 | 3:00 PM 10


COVID -19 UPDATE

304,202

30 JULY 2021 - 10.00AM


FEATURES