චීන - ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සහයෝගීතා සංගමය ස්ථාපිත කරයි

(sulochana dharmarathne )

21 Jun 2021 | 9:45 AM 37



චීන ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සහයෝගීතා සංගමය චීනයේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ඉකුත් 15 වනදා ආරම්භ කරනු ලැබුවා.

මෙම සංගමය පිහිටුවීමේ පරමාර්ථය වන්නේ දෙරට අතර වෙළඳ හා ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකා අපනයනකරුවන් මුහුණ දෙන බාධක ලිහිල් කිරීමයි.

මෙහිදී චීන ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සහයෝගීතා සංගමය සමඟ චීන පිවිසීමේ- පිටවීමේ පරීක්ෂණ සහ නිරෝධායන සංගමය සහ ජාත්‍යන්තර ඉංජිනේරු උපදේශකවරුන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාර උපදේශක සභාව පිළිබඳ චීන සංගමය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට ද අත්සන් තැබූ බවයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත්තේ.

මෙම අවස්ථාවේ දීචීන ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සහයෝගීතා සංගමයහි නිලධාරී මණ්ඩලය තෝරා ගෙන තිබෙනවා.

චිරංජය උඩුමුල්ල මහතා, කවීෂ ලොකුහිටිගේ මහතා සහ නන්දන හේවගේ මහතා පිළිවෙලින් සභාපති, මහලේකම් සහ මූල්‍ය ප්‍රධානී තනතුරුවලට පත් කර තිබෙන බව සඳහන්.

රැස්වීම අමතමින් ආචාර්ය පාලිත කොහොන මහතා පවසා ඇත්තේ චීනය වෙත කෙරෙන ශ්‍රී ලංකා අපනයනය ඉහළ නැංවීම සහ දෙරට අතර වෙළඳ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීන ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සහයෝගීතා සංගමය සහාය විය යුතු බවයි.

එය චීන ව්‍යාපාරික ප්‍රජාව කරා ද ළඟා විය යුතු බව ඔහු පෙන්වා දී තිබෙනවා.

තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු අමාත්‍ය ඇලෙක්සි ගුණසේකර මහතා, චීන පිවිසීමේ- පිටවීමේ පරීක්ෂණ සහ නිරෝධායන සංගමයේ සභාපති ෂින් වැන්ග් මහතා සහ ජාත්‍යන්තර ව්‍යාපාරික උපදේශක සභාවේ ප්‍රධාන ලේකම් රෙන් යිෆෙන් මහතා මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ චීනය අතර වෙළඳ සබඳතා වැඩිදියුණු කිරීමට සහ ශ්‍රී ලංකා අපනයනකරුවන් මුහුණදෙන බාධක ලිහිල් කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව වැන්ග් සහ යිෆෙන් යන මහත්වරුන් පවසා තිබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.



COMMENTS


TOP STORIES


"බලපත්‍රලාභී බැංකුවලට රුපියල අවප්‍රමාණය කරන ලෙස දැනුම් දී නැහැ" - මහ බැංකුව

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කරන ලෙස බලපත්‍රලාභී බැංකු වලට කිසිදු දැනුම් දීමක් කර නැතැයි ශ්‍රී ලං

18 Aug 2021 | 11:15 AM 46


ශ්‍රී ලංකාවට චීනයෙන් ආධාර

17 Aug 2021 | 4:00 PM 84


භාණ්ඩ රැසක මිල ඉහළට

11 Aug 2021 | 2:45 PM 38


පරිප්පු සහ සීනි රු. 10 කින් ඉහළට

08 Aug 2021 | 12:00 PM 31


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES