Online ක්ලාස් එකෙන් උපරිම වැඩ ගන්න හැටි

(GIHAN SAMPATH BANDARA )

02 Jul 2021 | 10:00 AM 81



1. මුලින්ම වේලපහින් ඇහැරෙන්න

මේක තමයි වැදගත්ම දේ. සාමාන්‍යයෙන් ඔන්ලයින් ක්ලාස් එක උදේ 8ට තියෙනවනම් ඔයා අඩුම තරමේ උදේ 7ට වත් නැගිටින්න. ඊට පස්සේ හොඳට වොශ් එකක් දාගන්න, නැත්නම් නා ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් තේකක්, කිරි එකක් වගේ දෙයක් බොන්න. ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම උදෙන්ම ඔයාගේ උදේ අහාරය ගන්න. නැත්නම් දිගටම ක්ලාස් එකේ ඉන්න ඔයාට අපහසු වෙනවා. බඩගින්නේ ඉන්න වෙන්නේ ඊට පස්සේ. ඔයා ක්ලාස් එක තියෙන අතරේ කන්න පුරුදු වුණොත් එතකොට ලෙසන් එක හරියට අහගන්න වෙන්නෙත් නෑ…

2. ඔන්ලයින් නෙමෙයි, ඇත්තම ක්ලාස් එකක් විදියට හිතන්න

මේක ඔයා අනිවාර්යයෙන්ම හිතට ගන්න ඕනේ කාරණයක්. දැන් මේ ක්ලාස් වලට ඔයා සහභාගී වෙන්නේ ඕනාවට එපාවට නම් ඔයාගෙ දෙමව්පියන් වියදම් කරන සල්ලි අපරාදේ. ඔන්ලයින් වුණත් නිකන් උගන්නන්නේ නෑනේ හැම ක්ලාස් එකකම. සාමාන්‍ය ක්ලාස් එකකදී ඔයා අනිවාර්යයෙන් ක්ලාස් එකේ කරන වැඩ හරියට කළත් ඔන්ලයින් කරද්දි ඔයා ගැන  කවුරුත් හොයලා බලන්නේ නැති නිසා එහෙම වැඩ නොකර ඉන්න පෙළඹෙන්න පුළුවන්. ඒත් එහෙම කරන්න එපා. ඇත්ත ක්ලාස් එකක් කියල හිතල වැඩ කරගෙන යන්න… 

3. කාලසටහනක් හදාගන්න 

අනිවාර්යයෙන්ම ඔයාට ක්ලාස් තියෙන වේලාවන්, නැගිටින්න ඕනේ වේලාවන්, පාඩම් කරන වේලාවන් ගැන සටහන් යොදලා කාල සටහනක් හදාගන්න. මේ කාලසටහන හදාගනිද්දි ඔයා පුළුවන් තරම් ඒක පොතක, කොළේක ලියන්න පුරුදු වෙන්න. මොකද ඔයා දවසෙම ෆෝන් එකට මූණ ඔබන් ඉන්න එක ඇස් වලටත් හොඳ නෑනෙ. ඔයාට කාල සටහනක් හරියට හදාගන්න හැටි ගැන තොරතුරු පහත ලින්ක් එකෙන් වැඩිදුර බලන්න පුළුවන්…

4. සෝෂල් මීඩියා වලින් අයින් වෙන්න

මේක අනිවාර්යයෙන්ම කරන්න. අපි ඉස්සර ෆෝන් එකෙන් වැඩිපුර බලන්නේ යූ ටියුබ්, ෆේස්බුක් වගේ දේවල්. නැත්නම් කාත් එක්ක හරි චැට් කරනවා. ඉතින් අපේ හිත ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න අතරෙදිත් මෙහෙම සෝෂල් මීඩියාවලට යන්න කැමැත්තක් දක්වන්න පුළුවන්. ඒ නිසා මේ දේ නවත්වන්න බැරිනම් අඩුම තරමේ පුළුවන් තරම් සෝෂල් මීඩියා භාවිතය අඩු කරගන්න, ලිමිට් එකක් තියාගන්නවත් බලන්න… 

5. ටිකක් කලින් පොත පාඩම් කරගන්න

දැන් ඔයා විද්‍යාව වගේ විෂයයකට ක්ලාස් එකට ඉන්නවනම් අනිවාර්යයෙන් ටිකක් වේලපහින් අද උගන්නන්න යන දේ බලා ගන්න. මේක ඔයාට ගොඩාක් වැදගත් වෙයි. නැත්නම් එක පාර සර් හරි මිස් හරි ලෙසන් එක උගන්නද්දි ඔයාට මේ මොනවද උගන්නන්නේ කියලා හිතේවි. ගණන් වගේ දෙයක් නම් වේලපහින් ගාණක් දෙකක් හදන්න… 

6. ක්ලාස් එක ඉවරවුණා​ම පොඩි බ්‍රේක් එකක් ගන්න

මේක ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක්. පුළුවන් තරම් උත්සහ කරන්න ක්ලාස් එක ඉවර වුණාට පස්සේ එළියට යන්න. එළියට කිව්වේ ඔයාගේ ගෙමිදුලට වගේ. ඒ විවේකය ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද දවසෙම ෆෝන් එකට හරි ලැප්ටොප් එකට හරි මූණ ඔබන් ඉන්න එක ඔයාගේ ඇස්වලටත් එච්චර හොඳ නැහැනෙ.

7. රෙකෝඩ් කරගන්න.‍

මේක නම් ගොඩාක් ඔන්ලයින් ක්ලාස් වල කරන දෙයක්. සමහර නොකරන අයත් ඉන්නවා. මේ ඔන්ලයින් ලෙසන් එක රෙකෝඩ් කරන්න ඔයාට x recoder වගේ ඇප්ස් යූස් කර්න්න පුළුවන්. සමහර ක්ලාස් වල එන්න බැරි ළමයින්ට මේ ලෙසන් එක වීඩියෝ කරලා එවනවා. ඒත් ඔයාටත් පුළුවන් නම් ක්ලාස් එක අතරේ අහගෙන රෙකෝඩ් කරගන්න. එතකොට ඔයාට මගහැරුණු දේවල්, මතක නැති දේවල් ආයේ හොයාගන්න, මතකයට නගාගන්න පුළුවන්..



COMMENTS


TOP STORIES


අමුතුයි.. අමුතුයි.. මාරයි

දැක්කම හිතට අමුත්තක් දැනෙන, කනවද නැද්ද? බලාගෙනම ඉන්නවද කියලා හිතෙන මේ ලෝකෙ තියන අමුතුම ජාතියෙ පළත

02 Jul 2021 | 9:30 AM 102


COVID -19 UPDATE

304,202

30 JULY 2021 - 10.00AM


FEATURES