රුපියල් 1000 කාසියක් නිකුත් කෙරේ

(sulochana dharmarathne )

07 Jul 2021 | 12:45 PM 39



ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් දහසේ සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ දිනයේ දී පිළිගන්වා තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේ දීයි.

දෙරට අතර පවතින මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය සබඳතාවට විශේෂ ගෞරවයක් ලෙසයි මෙම සමරු කාසිය නිකුත් කර ඇත්තේ.

කාසියේ එක් පසෙක ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික ධජ සමගින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ ඉදිරිපස පෙනුම කාසිය මධ්‍යයේ දැක්වෙනවා.

එහි 2022 යන්න රඟහලට පහළින් විශාල ඉලක්කමින් දක්වා තිබෙනවා.

කාසියේ පරිධියේ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් ශ්‍රී ලංකාව -චීනය වසර 65 යි යනුවෙන් සටහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කාසියේ අනෙක් පස රුපියල් දහස සහ චීන කොමියුනිස්ට් පක්ෂය යනුවෙන් සටහන් වනවා.



COMMENTS


TOP STORIES


"බලපත්‍රලාභී බැංකුවලට රුපියල අවප්‍රමාණය කරන ලෙස දැනුම් දී නැහැ" - මහ බැංකුව

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කරන ලෙස බලපත්‍රලාභී බැංකු වලට කිසිදු දැනුම් දීමක් කර නැතැයි ශ්‍රී ලං

18 Aug 2021 | 11:15 AM 46


ශ්‍රී ලංකාවට චීනයෙන් ආධාර

17 Aug 2021 | 4:00 PM 84


භාණ්ඩ රැසක මිල ඉහළට

11 Aug 2021 | 2:45 PM 38


පරිප්පු සහ සීනි රු. 10 කින් ඉහළට

08 Aug 2021 | 12:00 PM 31


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES