අම්මාගේ ඡායාරූපය නිසා කාවින්ද්‍යා තැබූ සටහන

(Sulochana Darmarathna )

09 Jul 2021 | 4:00 PM 189



කාවින්ද්‍යා අධිකාරී කියන්නේ ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුවගේ දියණියයි.

තමන් ලබපු අත්දැකීම් හා අම්මාගෙන් ලබා ගත් පන්නරය ගැන ඇය ෆේස්බුක් සටහනක් තියලා තියෙනවා.

මෙහෙම ලියන්නත් ඇයගේ අම්මාම හේතුවක් කියලා තමයි ඇය එහි සටහන් කරලා තිබුණේ.

තමන්ගේ අම්මා ඇයගේ ඒ කියන්නේ...සමිතා මුදුන්කොටුවගේ ෆේස්බුක් පිටුවට එක් කරපු ඡායාරූපයක් එකතු කිරීමත් එක්ක තමයි මේ ගැන ඇය ලියන්න හිතලා තියෙන්නේ.

ඒ මෙන්න මේ විදිහට...


උපුටා ගැනීම...

මට දෙයක් කියන්න හිතුනා මේ... එක ගැන...

අම්මා.. ඇය ගැන අවතක්සේරුවෙන් බොහෝ විට ජීවත් උනේ.

හැබැයි මම දන්නවා ඇයට දැන්, ඇය ගැන පුදුම ආඩම්බර හැඟීමක් තියෙන්නේ කියලා.

අපිට අපේ ජීවිතේ හරි ආදරයක් ලැබුනට පස්සේ ඒ හැම  doubt   එකකින්ම හිත නිදහස් කරගන්න පුලුවන් වෙනවා කියලා මම දැනගත්තා ඇය මේ  photo එක upload කරායින් පසු...

මම දන්නවා ඇයට පුදුමාකාර ශක්තියක් තියෙන්නෙ ඕනෙ කියලා මෙහෙම  photo එකක් upload   කරන්නත්.

ඒක නිසා මම ඇය ගැන හරි ආඩම්බරයි...
 
බොහෝදෙනා නොයෙක් කතා කිව්වත් ඇය කඩං වැටුනේ නෑ වෙනදා වගේ...

ඒ හැමදේටම හේතුව ඇයට මහමෙරක් සේ ආදරේ දෙන කෙනෙක් මුණගැසීමයි...

තමාගේ බිරිඳ හෝ ස්වාමියා තමන් ගැන අවතක්සේරුවෙන් සිටිනවා නම් මොනම වෙලාවක හෝ, ඒ හැඟීම නැති කරන්න පුලුවන් ඔයාටම මිසක්, වෙන කෙනෙක්ට නෙමේ කියන දේ හොඳට මතක තියාගන්න...

ඔය එක එක දේවල් කියන සමහර අයට කියන්න තියෙන්නෙ,  Fb  එකේ එක එක්කෙනාට  comment  දාදා වැළලෙන්නේ නැතුව ඒ වෙලාවේ, හරි ආදරයක් හොයන් සතුටින් ඉන්න උත්සහ කරන්න කියන එක, මොකද ඒ  comment වලින් පේනවා ඔයාලාගෙ ජීවිත කොච්චර හිස් ද කියලා. පවු...

ඇය ගැන මට පුදුම සතුටුයි සහ ආඩම්බරයි....

හැමදාටම ඔය සුන්දර ආදරේ විඳගෙන සතුටින් ජීවත් වෙන්න ඕන...

ඔයා මගෙ රත්තරං අම්මා????❤
 
උපුටා ගැනීම අවසන්... 



COMMENTS


TOP STORIES


ඉන්දියාවට යන යොහානි

කෝටි 11 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දි

22 Sep 2021 | 11:30 AM 88


දේශයට දුලීකා - වෙනසකට පා තබයි

29 Aug 2021 | 12:45 PM 137


දිනක්ෂිගේ නිසදැස

29 Aug 2021 | 10:00 AM 89


චන්ද්‍රිකාගෙන් මංගලට ආශිර්වාදයක්

20 Aug 2021 | 4:15 PM 23


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES



නම චොරලු

27 Sep 2021 | 2:45 PM 39