සිය කුසින් උපන් දියණිය නැගණියක ලෙස හඳුන්වාදීමට අම්මා කෙනෙකුට පුළුවන්ද ?

(sulochana dharmarathne )

15 Jul 2021 | 12:15 PM 180



තාක්ෂණය භාවිත කළ යුතු වන්නේ හොඳ දේටමය.

නරක දේ ලබා ගැනීමට ඉන් ඉවහල් නොවිය යුතුය යන කියමන පැරන්නන්ගේ සිට මේ දක්වා වූ කාලය තුළ පැමිණෙන කියමනක්.

තාක්ෂණය මඟින් කරනා හොඳ වැඩ එමටය. එහෙත් ඉන් සිදුවන තවත් අවැඩකම් ඊටත් එහාය.

මේත් එක්කම ඊට ආසන්නයෙන් කියවෙන කතාවක් තමයි ගණිකා වෘත්තිය කියන්නේ.

ලෝකයේ බොහෝ තැන්වල ගණිකාව නාමය වෘත්තියක් හා බැදී පවතින තැන් ද වනවා.

සිය නිවස, වෙනත් ප්‍රදේශයක හෝ ලැගුම් ස්ථාන, කුලියට ගන්නා නිවාසයක් හෝ කැළෑවක් ගණිකා වෘත්තිය පවත්වා ගෙන යාමට එහි හිමිකරුවන් යොදා ගන්නවා.

ඒ වුණත්, ගණිකා වෘත්තිය ශ්‍රී ලංකාවට නම් නොගැළපෙන්නේ සමාජ සංස්කෘතිය හා බැදී පැවැත්ම වඩා වැදගත් වන කාරණයක් නිසයි.

මේ කියමන දෙක එක්ක එකට බැදුණු මාතෘකාවක් පසුගියදා රටපුරා කතාබහට ලක්වුණා.

පුවතක් ....

සිය මව විසින් 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධියකට මව, චීවර ධාරියෙකු, අන්තර්ජාල වෙබ් අඩවි හිමිකරුවන් 4 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට.

ඉහත කාරණාවත් එක්ක මව හා බාල වයස්කාර දියණිය හැමෝගෙම කතාබහට මුලින්ම ලක්වුණා.

සිය පියා අතින් පළමුව දූෂණයට ලක්වන ඇය ඒ වන විට පසුව ඇත්තේ 12 හැවිරිදි වියේයි.

සිය පියාගේ අතින් දූෂණය වූ පසු ඇය ගැන පොලීසියට ලද පැමිණිල්ලක් මත පරිවාස භාරයේ පසු ඇය පියා සිරගත කර ඇත.

පරිවාස භාරයේ සිටි ඇය ඉන් අනතුරුව මිත්තණියට භාර දීමටයි කටයුතු කර තිබුණේ.

සිරගත කර සිටි පියා මේ අතරවාරයේ දී ඉන් නිදහස් වී නිවසට පැමිණි අතර යළිත් ඔහු අතින් දියණිය දූෂණයට ලක්වී ඇත.

මේ අතරවාරයේ ඇයගේ මව විදෙස් රටක සේවයට ගොස් සිට ඇති බවත් දියණිය පියාගේ හා පියගේ යහළුවන්ගේ අතින් අතට විකිණෙමින් සිට ඇත.

යළි සිය රට පැමිණි මව විසින් දියණිය මෙලෙස අලෙවි කිරීමට පටන් ගන්නේ ඉන් අතරවාරයේයි.

තමන් අතට යහමින් මුදල් ගැවසෙමින් තිබිය දී ඊට ගැළපෙන පුද්ගලයින් හා ඡායාරූප ලබාදීමටත් මොවුන් දෙදෙනා යුහුසුළු වී ඇති බවක් පෙනේ.

අන්තර්ජාල හිමිකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ දී තාක්ෂණය පවා යොදා ගැනීමට තරම් මොවුන් දැනුමෙන් සන්නද්ධ වීම ඊට හේතුවයි.

චීවරධාරියෙකු, විදෙස් මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු, වෛද්‍යවරයෙකු වැනි ඉහළ පුද්ගලයින්ගේ නම් හා දුරකතන අංක තම ජංගම දුරකතනයේ සටහන් කර නොගත්තා නම් මෙලෙස ඇය අතිනත ගිය පුද්ගලයින් මේ වන විට හොයා ගැනීමට නොහැකි වනවා නොඅනුමානය.

සිය කුසින් උපන් එකම දරුවා හා පළමු දියණිය වන සිය නැගණියක ලෙස හඳුන්වාදීමට අම්මා කෙනෙකු හිත හදාගන්නේ කොහොමද යන්න අදහාගත නොහැකිය.

කෙහොමවුණත්, මේ වෙන කොට සිද්ධියට අදාළ නඩුව තවමත් විභාග වෙමින් පවතී.

මෙවන් තත්ත්වයක් උදාවීමට දියණිගේ මව, පියා, මිත්තණියගේ රැකවරණය නිවැරදිව සිදුවූවා නම් අඩු වයසක් තුළ මෙවන් සීමාවක් පැන යාමට ඇයට නොහැකි වනු ද නොඅනුමානය.

මේ වගේ සංසිද්ධීන් අළලා මෙරට ලියැවුණු ගීතත් තියෙනවා.

එහෙම ගීතයක් තමයි සඳකඩ පහනක ගීතය.

මේ ගීතය ලියලා තියෙන්නේ වොලී නානායක්කාර ශූරීන්.

එතකොට සංගීතය වික්ටර් රත්නායක ශූරීන් අතින් මුහුවෙලා ගායනය සුනිල් එදිරිසිංහ ශූරීන් විසින් වර්ණවත් වෙලා තියෙනවා. 

සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුණු රසයක පැන ආ ගුගුලක් අකුරු වැළක් දෙහදක ලියැවෙයි
යුගයෙන් යුගයක නොමියෙන දහනක දිවියක පදනම මතුවෙද්දී
නොපෙනන ඈතක ඈ ගෙන යනවා.. සියුමැලි කැකුළක් මැලවෙද්දී...
සියුමැලි කැකුළක් මැලවෙද්දී...

දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙන යන බිංදු
ගවුවක් ඉහළට ගොනු කොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දු
අහසක් ගුගුරා කළුවක් වපුරා.. ඒ හා මුහුවුණු වැහි බිංදු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක..
තවකෙක් ඈ වෙත හද රැන්දු...

හදවිල ඉපදුනු කැකුළක් නොතලති
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුලක් 
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා...

 
 



COMMENTS


TOP STORIES


ඉන්දියාවට යන යොහානි

කෝටි 11 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දි

22 Sep 2021 | 11:30 AM 88


දේශයට දුලීකා - වෙනසකට පා තබයි

29 Aug 2021 | 12:45 PM 137


දිනක්ෂිගේ නිසදැස

29 Aug 2021 | 10:00 AM 89


චන්ද්‍රිකාගෙන් මංගලට ආශිර්වාදයක්

20 Aug 2021 | 4:15 PM 23


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES



නම චොරලු

27 Sep 2021 | 2:45 PM 39