(Sulochana Darmarathna )
19 Jul 2021 | 2:45 PM
278
ආදරයට, ගෞරවයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන්, ගණිකා වෘත්තියේ වුණත් හොඳ පිටපතක් ලැබුණොත් මං රඟපානවා.
මෙහෙම කියන්නේ නිරංජනී ශන්මුගරාජා.
කුණ්ඩසාලේ ඉපදුනු ඇය පාසල් අධ්‍යාපනය උසස් ලෙස නිමා කරනවා.
ඇය ජනප්රීය රංගන ශිල්පිනියක්.
ශ්‍රී ලාංකිකයින්ගේ සිංහල සිනමාවට ඇළුම් කළ ඇය දමිළ තරුණියක්.
සිනමාවට විතරක් නෙමෙයි ඇය ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ ද අත්පොත් තබමින් සිය රංගන කුසලතාව ඔප මට්ටම් කරමින් විවිධ චරිතවලට දායක වෙනවා.
“මේ මමද ” වැඩසටහනට යන එන - එන යන අය අතරේ අපේ වැඩසටහනට ඇවිත් එය තවත් වර්ණවත් කළ කෙනෙක් තමයි ඇයත්.
මේ විදිහට ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවකගේ චරිතයක් තමන් නිරූපණය කරන්න කැමතියි කියලා කිව්වේ මෙන්න මේ කියන අපේ වැඩසටහනේ දී තමයි.
හැබැයි.. හොඳ චරිතයක් නිවැරදි අධ්යක්ෂවරයෙකුගේ නිවැරදි දැක්මක් යටතේ නම් විතරක් ඇය රඟපානවා කියලත් කිව්වා.
පැහැදිලි කිරීම් ගොඩක් මැද්දේ අපේ කතාව ගලා ගෙන යනකොට ඇය මෙන්න මෙහෙමත් කිව්වා.
“ ගණිකාවට ගෞරව නාමයක් හිමි කර දිය යුතුයි - ඇයට කියන්න ඕනි ගණිකාව කියනවාට වඩා ලිංගික ශ්‍රමිකයා කිව්වා නම් හොඳයි කියලා මට හිතෙන්නේ. ”
“ කාන්තාවක් කැමැත්තෙන් නෙමෙයිනේ ඒ වෘත්තියට යන්නේ. එයාට ඇත්තටම හරිම සාධාරණ හේතුවක් තියෙනවා ඒක කරන්න. ”
“ තමන්ගේ පවුල නිසා, තමන්ගේ දරුවන්ගේ කුසගින්න නිසා, නැත්නම් තමන්ගේ දරුවන් හදාගන්න තමන්ගේ සැමියා බේර ගන්නා, එහෙම නැත්නම් තමන්ව බේර ගන්න ඒ වෘත්තිය වෙනුවෙන් නියැලෙනවා වෙන්න පුළුවන්. ”
“ අපි නොදන්න දුකක්, වේදනාවක් ඒ කෙනා පිටිපස්සේ තියෙන්න පුළුවන්. ”
“ අපි අහලත් නැති, දැකලත් නැති ජීවිතයක එයා ජීවත් වෙලා ඇති. ”
ගණිකා වෘත්තියෙහි නියැලෙන කාන්තාවකගේ චරිතය මෙන්න මේ කතාවත් එක්ක ඇය සඳහන් කළේ අන්න ඒ විදිහට.
ඉතිං....... කොහොමහරි... හොඳ අධ්යක්ෂවරයෙක් යටතේ ඇය මේ රඟපෑමට පණ පොවන්නත් සූදානම් වෙලා ඉන්න එකේ අධ්‍යක්ෂවරයෙකුට අවස්ථාවක් තියෙනවා හොඳ නිර්මාණකරණයක යොද වන්න.
TOP STORIES
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.
04 Feb 2022 | 12:30 PM
179
FEATURES