මෙහෙකාර දැරිය මියයාම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 2ක්

(Imeshi De Silva )

21 Jul 2021 | 10:30 AM 57



හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී දැරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා.

අදාළ කණ්ඩායම් දෙක කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා අංශ නිලධාරීන් සහ අපරාධ විමර්ශන නිලධාරීන්ගෙන් සමන්විත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනයේ දී අදාළ දැරිය අධ්‍යාපනය ලැබූ අවිස්සාවේල්ල පුවක්පිටිය කිරිවන්දල ප්‍රදේශයේ පාසලකට පොලිස් නිලධාරීන් විමර්ශන සඳහා ගොස් තිබෙනවා.

එහිදී එම පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ උප විදුහල්පතිවරයාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර අද අදාළ දැරියගේ මවගෙන් යළි ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.



COMMENTS


TOP STORIES


ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්වයි

වර්තමානයේ දී පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කර ඇතැයි

02 Aug 2021 | 12:30 PM 14


සහතික මිල නිසා වී ගොවියා අසරණ භාවයට

02 Aug 2021 | 12:15 PM 11


සියලු එන්නත් මාත්‍රා ලබාගත් පුද්ගලයින් ගණන කෝටිය පනී

02 Aug 2021 | 12:15 PM 11


රාජ්‍ය සේවකයින් බාධාවකින් තොරව සේවය

02 Aug 2021 | 12:15 PM 14


COVID -19 UPDATE

304,202

30 JULY 2021 - 10.00AM


FEATURES