මාදම්පාගම සහ දොඩන්දූව යන ප්‍රදේශවලින් ආසාදිතයින් 34

(Imeshi De Silva )

21 Jul 2021 | 11:45 AM 50



හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මාදම්පාගම සහ දොඩන්දූව යන ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් 34 දෙනෙකු හමු වී තිබෙනවා.

ඊයේ දිනයේදී එම ප්‍රදේශවල පුද්ගලයින් 113 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කර ැති අතර ඉන් 34 දෙනෙකු ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ.

අදාළ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මෙලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදු කිරීමට පියවර ගෙන ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා.

මේ අනුව මාදම්පාගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 14 ක්, දොඩන්දූව, සීනිගම හා හික්කඩුව යන ප්‍රදේශවලින් සෙසු ආසාදිතයින්
විසි දෙනා හදුනාගෙන තිබෙනවා. 



COMMENTS


TOP STORIES


ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්වයි

වර්තමානයේ දී පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කර ඇතැයි

02 Aug 2021 | 12:30 PM 15


සහතික මිල නිසා වී ගොවියා අසරණ භාවයට

02 Aug 2021 | 12:15 PM 12


සියලු එන්නත් මාත්‍රා ලබාගත් පුද්ගලයින් ගණන කෝටිය පනී

02 Aug 2021 | 12:15 PM 12


රාජ්‍ය සේවකයින් බාධාවකින් තොරව සේවය

02 Aug 2021 | 12:15 PM 15


COVID -19 UPDATE

304,202

30 JULY 2021 - 10.00AM


FEATURES