ජනපතිට විරුද්ධව හිරුනිකා උසාවියට.

21 Jul 2021 | 5:30 PM 57



භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන අය ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා  හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. 

ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති පොදු සමා නියෝගය බලරහිත කරන ලෙසද එමඟින් ඉල්ලා තිබෙනවා. ජනාධිපති වෙනුවෙන් නීතිපතිවරයා හා අධිකරණ ඇමතිවරයා නම්කර තිබෙනවා. 

අදාල ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා යන අය වරදකරු කරමින් කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තුනෙන් දෙකක බහුතර තීන්දුවක් ලෙස ඔහුට මරණ දඩුවම නියම කළ බවද, පසුව එම මරණ දඩුවම පංච පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්ද ඒකමතිකව තහවුරු කර තිබූ බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට පෙන්වා දී තිබෙනවා. එසේ තිබියදී පසුගිය ජුනි 24 වැනිදා ජනාධිපති සමාව යටතේ වගඋත්තරකරු නිදහස් කළ කර ඇති බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමක් බවත් ඇය ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමේ දැක්වෙනවා. 



COMMENTS


TOP STORIES


ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්වයි

වර්තමානයේ දී පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කර ඇතැයි

02 Aug 2021 | 12:30 PM 15


සහතික මිල නිසා වී ගොවියා අසරණ භාවයට

02 Aug 2021 | 12:15 PM 12


සියලු එන්නත් මාත්‍රා ලබාගත් පුද්ගලයින් ගණන කෝටිය පනී

02 Aug 2021 | 12:15 PM 12


රාජ්‍ය සේවකයින් බාධාවකින් තොරව සේවය

02 Aug 2021 | 12:15 PM 15


COVID -19 UPDATE

304,202

30 JULY 2021 - 10.00AM


FEATURES