තවත් සයිනොෆාම් එන්නත් තොගයක් කටුනායකට

(GIHAN SAMPATH BANDARA )

22 Jul 2021 | 8:30 AM 38



ශ්‍රී ලංකාව විසින් මිලදීගත්, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ 20ක් අද අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙම සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 91 ක් ශ්‍රී ලංකාවට චීනයේ සිට රැගෙන විත් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

මෙම එන්නත් තොගයෙන් පළමු එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක ප්‍රමාණය, අද අලුයම 05.17 ට චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත්91  තිබුණා.

කිලෝ ග්‍රෑම් 386 ක් බරැති ඔක්සිජන් ඇසුරුම් 18 ක් ද එම එන්නත් තොගය සමග මෙරටට එවා ඇති බව සඳහන්.

එමෙන්ම, මෙම එන්නත් තොගයේ දෙවන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක ප්‍රමාණය අද අලුයම 05.30 ට චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබෙනවා.

එන්නත් තොගය ගුවන් යානාවලින් ගොඩ බෑමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබුණා.

පසුව මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ, ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට පියවර ගත්තා.

මේ අතර, අද ලැබුණු එන්නත් ප්‍රමාණයෙන් මාත්‍රා ලක්ෂ 4ක් කුරුණෑගල දිස්ත්‍රික්කයටත් එන්නත් මාත්‍රා දෙලක්ෂ 75,000ක් ගාල්ල දිස්ත්‍රික්කයකටත් බෙදා දීමට නියමිතයි.

එමෙන්ම මාතර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 2 බැගින් ද, පුත්තලම, පොළොන්නරුව, නුවරඑළිය, මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා ලක්ෂය බැගින් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා එක්ලක්ෂ 25,000ක් ද ලබාදීමට සැලසුම් කර ඇති බවයි මහාචාර්ය චන්න ජයසුමන මහතා කියාසිටියේ.



COMMENTS


TOP STORIES


හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශීය රෝහල ආසන්නයේදී විශාල ගසක් කඩා ව

02 Aug 2021 | 3:00 PM 14


රෝහල් කණිෂ්ඨ කාර්යය මණ්ඩලයත් හෙට සහ අනිද්දා ලෙඩ වන ලකුණු

02 Aug 2021 | 3:00 PM 12


පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් 18 කට කොරෝනා

02 Aug 2021 | 3:00 PM 11


රවීට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගයට දින වෙන් වෙයි

02 Aug 2021 | 3:00 PM 13


COVID -19 UPDATE

304,202

30 JULY 2021 - 10.00AM


FEATURES