ඒ කාලේ මට පත්තු වුණා

(sulochana dharmarathne )

27 Jul 2021 | 1:00 PM 293



“මං තරුණ කාලේදි මටත් පත්තු වුණා.”

මෙහෙම කියන්නේ ප්‍රවීන රංගන ශිල්පි සනත් විමලසිරි.

නාලන් මෙන්ඩිස් මහත්මයාගේ ටෙලිනාට්‍යයක් හරහා රංගනයට පිවිසුණු ඔහු වෙළඳ දැන්වීමක් හරහා ප්‍රසිද්ධියට පත්වුණා කියලයි ඔහු ඉරිදාලංකාරය වැඩසටහනට එක්වෙමින් අපිත් එක්ක කිවුවේ.

“සමහර වෙලාවට බස් එකේ යනකොට ළග ඉන්න අය අහනවා. පැය කීයක් පත්තු වෙන එකක්ද ඔයාට ඕනි. ඇයි දිගටම පත්තු වෙලා තියෙන එකක්ද ඕනි කියලත් අහනවා.”

“සමහර වෙලාවට මට හිතුණා අපරාදෙ මං ඒක කළේ කියලා. හැබැයි මට පස්සේ සතුටු හිතුණා. මට ආදරේ කරන පිරිසක් මා වටා ඉන්නවා කියලා.”

වේදිකා නාට්‍යයක් රංගනය කිරීමේ දී එය ඉතාමත් භාව්‍යයෙන් කළ යුතු බව රංගන ශිල්පි සනත් විමලසිරි අපිට කිවුවා.

ටෙලිනාට්‍යයකට හෝ වේවා.. වේදිකා නාට්‍යයකට හෝ වේවා රගපානවා නම් ඒ ගැන නිසියාකාරයේ අධ්‍යයනයක් කරලා.. දැනුමක් ලබාගෙනම රංගනයට අඩිය තියන්න කියලයි නවක රංගන ශිල්පීන්ට අපි එක්ක කළ කතාබහේදී දැනුවත් කළේ.

“මං රගපාන්න මාතලේ ඉඳලා කොළඹ ආවම මට ඉන්න තැනක් තිබුණේ නෑ.”

“හැබැයි... මට ඉන්න තැනක් තිබුණා.”

“මට තිබුණා දුර යන බස්.”

“වතුර බෝතලේට මං වතුර පුරවගෙන, බනිස් ගෙඩියකුත් අරගෙන බස් එකේ නැගලා මං යනවා.”

“රගපාන්න මාව ගන්න කොළඹ කොටුවට කට්ටිය එනවා.”

“මාව කොළඹ කොටුවෙන් ආපහු ගෙනැත් දැම්මම, මං කරන්නේ ආපහු දුර යන බස් එකේ නැගලා ගිහින් ආපහු එන එක. ආයේ මට රගපාන්න තියෙන වෙලාව බලලා තමයි මං එහෙම කරන්නේ. නැත්නම්.. මං නිදා ගන්නේ කොටුවේ හරි දුම්රියපොල ස්ටේෂන් එකේ හරි තමයි.”


අමතක නොවන දුක්බර මතකයක් ඔහු ඉරිදාලංකාරයට එක්වෙමින් අන්න ඒ විදිහට අපිත් එක්ක කිවුවා.

 
 



COMMENTS


TOP STORIES


කරීනා - 'ඇඳුම් බැහැ' කියයි

කරීනා කපූර් - සිය 42 වැනි උපන්දිනයේදී සාද දෙකක් සංවිධාන  කළා.

පළමු වැන්න පවුලේ අය සමග.<

22 Sep 2022 | 4:00 PM 197


චොප්රා - සිඟිත්තිය අරගෙන නැග්ග තැන

21 Sep 2022 | 5:30 PM 44


යොහානිගේ මැණිකේ - අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයට

16 Sep 2022 | 3:15 PM 66


'කේක් කතක්' - කත හැකිද ?

16 Sep 2022 | 1:15 PM 30



FEATURES