ඇෆ්ගනිස්තානයේ ගැටුම්කාරී තත්වය උග්‍ර අතට

28 Jul 2021 | 10:00 AM 62



තලේබාන් සංවිධානය සහ රජයේ හමුදා අතර ඇෆ්ගනිස්තානයේ පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් මතුව ඇති අර්බුද උග්‍ර අතට හැරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අයිඑස්අයිඑස් සහ අල්කයිඩා ත්‍රස්ත සංවිධාන ද ඇෆ්ගනිස්තාන තුළ මෙහෙයුම් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තලේබාන් සංවිධානය බලවත්ව ක්‍රියාත්මක නොවන පළාත් ගණනාවක මෙම මෙම සංවිධාන දෙක සිය ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.

නුරිස්තාන් ,බද්ගීස්, සරේඊෆුල්, බග්ලාන්,කුන්දුස් වැනි පළාත් ඒ අතර වන බව සඳහන්.

මෙම ත්‍රස්තවාදී කණ්ඩායම් මේ වනවිට අදාළ ප්‍රදේශවල  හමුදාව,පොලිසිය ,රජයේ සේවකයන්, සහන සේවා සේවකයන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාර ගණනාවක්ම එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා



COMMENTS


TOP STORIES


රැවුල කැපීම තහනම් කෙරේ

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ වැසියන්ට රැවුල කැපීම තහනම් කර තිබෙනවා. මේ අන

27 Sep 2021 | 10:45 AM 24


තෙවන මාත්‍රාවකට අනුමැතිය

26 Sep 2021 | 3:45 PM 27


ප්‍රාන්ත දෙකකට අනතුරු ඇගවීමක්

26 Sep 2021 | 3:30 PM 107


කොවිඩ් මඩින්න තවත් එන්නතක්

26 Sep 2021 | 12:30 PM 47


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES