ද. අප්‍රිකානු ක්‍රිකට් පිල සැප්තැම්බර් දිවයිනට

(Nanda Kumara Chandrappriya )

30 Jul 2021 | 5:15 PM 38



දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ලබන සැප්තැම්බර් දෙවනදා දිවයිනට පැමිණීමට නියමිතයි. එක්දින තරග තුනකින් සහ පන්දුවාර 20 යි 20 තරග තුනකින් සමන්විත තරග මාලාවකට සහභාගී වීම සඳහායි දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙලෙස පැමිණීමට නියමිතව තිබෙන්නේ. ඉන්දියාව සමග පැවති තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමම එම තරගාවලියට සහභාගී කරවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපේක්ෂාව වී තිබෙනවා.

මේ අතර ඉන්දියාව සමඟ පැවති 20 යි 20 තරගාවලියේ ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත් වුණා. එම ජයග්‍රහණය පිළිබඳ මෙන්ම කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතර පැවති සුහදතාව සම්බන්ධයෙන ද දෙස් විදෙස් විචාරකයින් මත පළ කර තිබෙනවා. විදෙස් විචාරකයින් පෙන්වා දී ඇත්තේ මෑතකදී පැවති වඩාත් සුහදශීලීම ක්‍රිකට් තරගාවලිය ලෙස ඊයේ නිමාවූ ඉන්දු - ලංකා ක්‍රිකට් තරග මාලාව හදුන්වාදිය හැකි බවයි. ඉන්දිය නායක සිකර් ධවාන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට දැනුම ලබාදීම ඉන්දීය පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ් විසින් ශ්‍රී ලංකා ක්‍රිඩකයින් වෙනුවෙන් පුහුණු සැසියක් පැවැත්වීම වැනි කාරණා ජාත්‍යන්තරයේ අවධානයට යොමු වී තිබෙනවා.



COMMENTS


TOP STORIES


අයි පී එල් නැරඹීමට සීමිත ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවකට අවසර

අයි පී එල් තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන් සීමිත සංඛ්‍යාවකට ක්‍රීඩාංගණ කරා පැමිණි

16 Sep 2021 | 11:15 AM 21


කුසල්ට හා ලහිරුට පන්දු වාර විස්ස ලෝක කුසලානය තරගාවලිය අහිමි වීමේ අවදානමක්

15 Sep 2021 | 5:30 PM 25


ඉදිරි තරගවලට ක්‍රීඩා කරන්න දසුන්ගෙන් අලුත් සැලස්මක්

15 Sep 2021 | 11:00 AM 36


T 20 තරගාවලියේදී ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයක්..

15 Sep 2021 | 8:15 AM 8


COVID -19 UPDATE

510,040

24 SEP 2021 - 09.00AM


FEATURES